Home
BIO
Production
මගෙන් ඔබට
Contact
Gallery
වර්ෂ 1956 දෙසැම්බර් මස 16 වෙනි දින බන්නැහැක මුදියන්සේලාගේ අවුසදහාමි හා කරුණාවතී මැණිකේ යන මව්පියන් දෙපලට දාව පවුලේ දෙවැනි දරුවා ලෙස උපතලද අනුර කුසුම්සිරි බන්නැහැක නම්වූ අසහාය ධාන්ධර්වයා වැඩිමහල් සහෝදරියක් හා බාල සොහොයුරන් තිදෙනෙක්ගෙන් පිරිපුන් නිර්ව්‍යාජ ගැමි පවුලකින් ක්ෂෙත්රයට පිවිසියෙකි.
හම්මලව කණිටු විදුහලෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ පුංචි කුසුම්සිරිගේ ළමාකාලය ගෙවෙන්නේ පොල් කෝම්බ මෙරිගෝරවුම, චක්ගුඩු පැනීම ආදී ගැමි ක්‍රීඩාවලින් අනූන පරිසරයක වුවද එ් සියල්ලටම වඩා ඔහු ප්‍රිය කළේ ඉවත ලන ටින්මාලූ බහාලූමක් යොදාගෙන කම්බි සුසරකරමින් තමා විසින්ම නිපැයූ අමුතුම සංගීත භාණ්ඩ සමග හුදකලා වීමටයි. හම්මලව ගමේ සොකරි කණ්ඩායමේ මැහැල්ලගේ ප්‍රධාන චරිතයට පණ පෙවූ සිය පියාගේ කලා ආභාෂය නිසාදෝ පුංචි කුසුම්සිරි ගේ එැවැනි හැකියාවන් නිතර සෙසු පිරිසේ අවධානයට ලක්විය. තමන්තුළ කලා හැකියාවන් මෙවැනි අයුරින් පිහිටා ඇත්දැයි යන්නවත් නොදන්නා කුුසුම්සිරි එවකට ගමේ නිරන්තරයෙන් පැවති බලි තොවිල් පොල පවත්නා තැනට මහ ? පවා යන්නට මවගෙ දැඩි අකමැත්ත මත වුවත් රුචිකත්වයක් දැක්වීය. පියා එ් සෑම තොවිල් ගෙදරකටම යාම සිරිතක් කොටගෙන තිබූ නිසා කුසුම්සිරිට එ් අවසරයෙන් එම ස්ථානවලට යාමට අවකාශ ලැබිණ. ඔහුට අනුව එ්වාට මහත් රුචිකත්වයක් දක්වා ඇත්තේ එම තොවිල් සෙත් ශාන්ති වල ඇති ගුප්ත අනුහස් වල පිහිට පතා නොව එහි ඇති දෙවොල් බෙර වාදනයන් ඒවායේ රිදමයන් වලට දක්වා ඇති ආශාව නිසාවෙනි.
අනිකුත් ළමුන් මෙන් ගස් ගල්වල නැගීම් අ`ඩදබර කරගැනීම් අප්‍රිය කළ අනුර නිරන්තරයෙන් සෙව්වේ තාලයයි, රිදමයයි. නිරන්තරයෙන් අනුර ගී මුමුණනු දුටුවන් කිසි දිනක අනුර සංගීතඥයෙකු වේ යැයි නොසිතුවද ගමේ සියලූ දෙනාගේ මෙන්ම සතා සීපාවාගේ පවා ආදරයට රැුකවරණයට ලක්විය. දිනක් සිය පියා සමගින් රැුය පයන්වනතෙක් කමතේ ගතකරන්නට වූ අවස්ථාවක තාත්තාගේ තනිනොතනියට සිටි මාමා සමගින් අත්‍යාවශ්‍ය කුමක් හෝ රැුගෙන යාමට සිදුව ඇති අතර මාමා තාත්තාගෙන් මේ පොඩි එකා මෙතන දාලා යන්න පුලූවන්ද ඇසූවිට තාත්තා සිනාවෙන් පිළිතුරු දී ඇත. කෙසේවෙතත් තාත්තා නැවත මාමා සමගින් මැදියම් රැුයේ පැමිණෙන විට හම්මලව උරුපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ එවකට සිටි බොහෝදෙනෙකු අසා තිබූ කමත් තුනේ නාගයා අනුරට රැුකවරණය දීගන සිට ඇතිවා පමණක් නොව මාමාට පුංචි අනුර අසළටවත් අවරස දී නොමැත. මම අවා දරුවා බලාගත්තාට පිං යනුවෙන් අනුරගේ තාත්තා කී පසු නාගයා සීලාචාරව පසුබැසගිය බව තාත්තා වගේම මාමාද කියනු ඇසුන අනුර එ් පිළිබ`දව අදත් සිහිකරන්නේ ආදරයෙනි.
ඔහුගේ මුල්ම සංගීතමය හැකියාව පිරිසක් ඉදිරියේ නිළ වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ හම්මලව විදුහලේ 03 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන අවධියේයි. එ් විදුහලේ පැවති පන්ති රැුස්වීමකදී අනුර ගේ දස්කම් හ`දුනන මිතුරන් හා ගුරුභවතුන්ගේ ඉල්ලීමට අනුව කරන ලද කවි ගායනයයි. එහෙත් ඉන් පද එක හමාරක් පමණ ගායනා අනුර දෙඅත්ලෙන් මුහුණ වසා හඩුන්නට වීම කාගේත් අවධානයට ලක්විය. ගුරුභවතුන් කල පසු විපරමේදී දැනගන්නට ලැබී ඇත්තේ අනුර කුඩාකල අසාමාන්‍ය ලැජ්ජාශීලී අයෙකු බවයි.
අනුර කුසුම්සිරි හම්මලව කණිටු විදුහලේදී ගණන් කාරයෙකු බවට ප්‍රකට විය. ඉන් අදහස් වූයේ වර්තමානගේ ගණන් කාරයින් පිළිබ`දව නොවුනත් අනුර ඉහළ පන්තිවල සහෝදර සිසුන්ට පවා ගණිතය පාඩම් කියාදෙන්නට තරම් ගණිතයට දක්ෂයෙක් ව සිට ඇත. අනුර කුසුම්සිරිගේ ගණිතයට ඇති දක්ෂතාවය නිසාම වර්ෂ 1964 දි පමණ වර්තමානයේ සාරානාත් විද්‍යාලය වන එවකට කුලියාපිටිය ආණ්ඩුවෙ පාසලට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ සිය වැඩිමහල් සොහොයුරියද සමගයි. එවක විදුහල්පතිවරයාව සිටි සියාතුබණ්ඩා මහතා සම්මුඛ පරීක්ෂණයේදී මතුකළ ගණිත හා සිංහල ප්‍රශ්න ස`දහා නොබියව මුහුණ දුන්නත් කිසිදිනක ඉංග්‍රීසි විෂය අකුරුකර නොතිබූ නිසා එහිදී මහත් අසරණ භාවයට පත්විය. කෙසේවෙතත් එම විදුහලේ දෙවැනි ශ්‍රේණියේ සිට නැවත ඉංග්‍රීසි සහිතව අධ්‍යාපනය හැදෑරීමට අනුරටත් ඔහුගේ වැඩිමහල් සහෝදරියටත් හැකියාව ලැබිණ. ඔහුට අනුව ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර සංඛ්‍යාව 26ක් බව දැනගන ඇත්තේද එවිටයි.
අයි එම් ආර් එ් ඊර්යගොල්ල මහතාගේ අනුග්‍රහයෙන් කුලියාපිටිය ආණ්ඩුවේ ඉස්කොලෙ මහා විද්‍යාලයක් බවට පත්වූයේ වර්ෂ 1966දීය. එවකට පැවති පාසල් ගීතය වු ර්ණකුලියාපිටිය මහ විදුහල සත් තෝරළ ජාත භූමි - මවුනි ඔබේ නමට ව`දිමු මේ උපහාරයයි ඔබට” ගීතය තමාතුළ ඇති දැඩි සබකෝලය නිසාම තනියෙන් ගායනාකරන්නට හුරු පුරුදුව සිට ඇත.
එන්න එන්න වයසින් වැඩෙන අනුර පාසලේ වඩාම පි‍්‍රයකළ සො`දුරු නවාතැන වූයේ පාසලේ සංගීත කාමරයයි. නිමේෂයක් ලද සැනින් ඔහුටත් හොරෙන් සංගීතකාමරයට හෝ එ් අසළට වී හි`දීම බොහෝදෙනාට සාමාන්‍ය තත්වයක් බවටයි පත්ව තිබුණෙ. නමුත් පාසලේ මුල්ම සංගීත ගුරුවරයාව එවකට සිටි පේ‍්‍රමශාන්ත මහතා දැඩි නීති රීති දමා තිබූ නිසාමත් සිතේ ඇති සබකෝලයත් නිසාම සංගීතයෙන් ඈත් වෙන්න අනුර තීරණය කළත් ඔහුට හිත ඊට ඉඩදුන්නෙ නැහැ. මූර්ති ශිල්පයට හා සිතුවමටද ඔහුතුළ තිබූ දක්ෂතාවය නිසා චිත්‍ර විෂය තෝරාගන්නට අනුරට සිදුවුනේ එ් නිසයි. තමන් චිත්‍ර හා මූර්ති ශ්ලපය තෝරාගත්තත් උපතිකන් රැුගෙන ආ සංගීත හැකියාවන් නිසා වරෙක ඔහු සිතින් තනිව හැ`ඩූ වාර අනන්තයි. නමුත් ඉන් මානසිකව නොවැටුන අනුර දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව ගමේ වඩුමඩුවේ ප්‍රධාන බාසුන්නැහේ මාමාට උදවුකරන්නට යන්නේ වඩු ශිල්පයට ඇති ආශිවකට නොව. බාසුන්නැහේ මාමා සතු ජපන් මැණ්ඩලීනය මොහොතකට හ`ඩවන්නට දෙන අවසරය නිසාවෙනි.
කෙසේ හෝ කිසිදිනක අතින්වත් අල්ලනන්ට නොලැබුන මැණඩලීනය අතගා සොයාගත් ස්වර මගින් එවකට ජනප්‍රිය සරල ගීතයක් වූ ර්ණදෑස පා සිනා කියන රහස තේරුණා” වාදනය කිරීම අනුරගේ ජීවිතය වෙනස්කරන්නට සමත්වූවායැයි කීම යුක්ති සහගතය. බාසුන්නැහේ මාමාගේ බෙර, රබන් දිනෙන් දින තනිව ඉගනගන්නට තාලයක් ගීතයක් වයන්නට අනුර ගත කළේ පුංචි කාලයකි. සංගීතය ජීවිකාව කරගත් අනුර එදා සංගීත භාණ්ඩ වාදනයට ආශාවෙන් ඉගනගත් වඩු කර්මාන්තට අදටත් ගෙදර දොරේ වැඩ කටයුතු වලට ඉවහල්වන බව අනුර සිහිපත්කරන්නේ මහත් භක්තියෙනි.
බාස් මාමාගේ සංගීත භාණ්ඩවල පහස ලැබූ කුඩා අනුර පාසලේ සංගීය හැදෑරීම නොකළත් නිරන්තරයෙන් දිවයන්නේ සංගීත කාමරයටයි. එහිදී පේ‍්‍රමශාන්ත ගුරුතුමන් නොමැති අවස්ථාවන්හි වැඩිමහල් සිසුන් වාදනය කරන වයලීන ගෙන වාදනයට දැක්වූයේ මහත් ආශාවකි. ඇතැම් අවස්ථාවල සංගීතය හදාරනවුන් අභිබවා වාදනය කිරීමේ හැකියාව අනුරට බාස් මාමාගේ භාණ්ඩ වලින් ලද පන්නරයෙන් හැකිව ඇත.
එ් දිනවලම අවාසනාවන්ත ලෙස හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් සංගීතාචාර්ය පේ‍්‍රමශාන්ත මහතා කුලියාපිටිය මහ විද්‍යාලයෙන් පමණක් නොව ජීවිතයෙන්ම සමුගෙන ගිය නිසා ඇතිවූ පුරප්පාඩුවට සිරිල් බණ්ඩාර නැමති අනුරගේ සංගීත දිවියේ ප්‍රථම නිළ සංගීතාචාර්ය වරයා වූ සිරිල් බණ්ඩාර මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවීමත් සමග අනුර චිත්‍ර විෂයට දස්කම් දැක්වූවත් ඊට ආයුබෝවන් කියමින් පෙරලා සංගීතය හැදෑරීමට පැමිණියේය.
එහිදී විවිධ වූ සංගීත සම්භවයන් ඔස්සේ මෙන්ම අත්හැරුණ රාග කොටස් පවා පුහුණුවට අනුරට හැකිවූයේ නිමේෂයකි. මුල් අවධියේදී සමකාලීන යෙහෙළියන් වූ බුලත්සිංහල ඇතුලූ කණ්ඩායම වයලීන නොබියව අනුර අතට දුන්නා පමණක් නෙවෙයි අත්හැරුණ මූලික කොටස් කිසිදා වයලීනයක් අතට නොගත් අනුරට පුහුණුකරවීමද ඔවුන් අතින සිදුවිය. එහෙක් පසුකාලීනව ගුරුන් පාන ශිල්ප වැඩිදියුණු කරගන්නට අනුරට ගුරුහරුකම් දුන් පිරිසට සිදුවූයේ අනුරගෙන් ගුරුහරුකම් ලැබීමටයි. එය දෛවොපගත සිද්ධියක් කීම වටී.
වර්ණකුළසූරිය පන්ති භාර ආචාර්යවරයාගේ පෙරැුත්තය මත සියලූ සිංහල කිවිගායනා, ශිෂ්‍ය සමිති පිනවන්නට නිරන්තර අනුරට ඇරයුම් ලැබුන අතර එය අනුරගේ පන්තියට පමණක් සීමා නොවී පාසලේ බොහෝ පන්ති වල සිංහල පාඩමේ කවි පන්තියක් වෙතොත් ආාරාධනා ලැබීම වළකාගත නොහැකි විය. එ් සමගම අනුර කුසුම්සිරි පාසලේ ජනප්‍රිය චරිතයක් විය. එ් ජනප්‍රියත්වය පාසලේ කිර්ති නාමය තව තවත් බබලවන්නට අනුර ද වෙහෙසුන බවට එවක එ් පන්තිවල සිටි අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අසා දත හැකිවිය. කොතරම් අනුරට කවි සීපද ගීත ගායනා ස`දහා සෑම පන්තියකටම යාමට සිදුවුනා මෙන්ම පාසල නිහෝජනය කරමින් පැවැත්වෙන් සියලූ අධ්‍යාපනික උත්සව නිදහස් උත්සව ආදියට වයලීනය උරේ හොවා අනුරට සිය කාලය කැපකරන්නට සිදුවිය. ඉන් අනුරට අනුරගේ වැදගත්ව දෙය අමතකව ගොස් තිබිණි. එ් ඔහුගේ අධ්‍යාපනයයි. පළමු වර ඔහු ආශාවෙන් හැදෑරූ සංගීතය කොතරම් ප්‍රායෝගික පුහුණුවට සුරුවිරුකම් දැක්වූවද ලිඛිත පරීක්ෂණයෙන් අසමත්ව තිබිණ. පාසලේ සියලූ ගුරුවරුන්ට එය දරාගත නොහැකි තරමේ සිද්ධියක් වුවද අනුර එ් පිළිබ`ද කිසිදු කණගාටුවකට පත් නොවි පෙර අවස්ථාවට වඩා දැඩි උනන්දුවකින් යුතුව සිය අධ්‍යාපනික කටයුතු සිදුකර විශිෂ්ඨ ලෙස සමත්වීමත් සමග එවකට ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සෝමපාල සෙනරත් මහතා යටතේ සිංගීතය හදාරන්නට භාග්‍ය සම්පන්න විය.
එසේ උසස්පෙළ විභාගයට සූදානම් වන අවධියේද අනුරට කලින් සිදුවූ තමන්ගේ අඩුපාඩුව අමතක කර දමමින් පාසලේ උන්නතිය වෙනුවෙන් තම සංගීතමය දායකත්වය සියලූදේට විදුහල වෙනුවෙන් සපයන්නට විය. එය තමන්ගේ පරම යුතුකමක්ව සිතමින් අනුර නොපිරිහෙළා ඉටුකළ බව අදටත් ජීවමානව සිටින පේ‍්‍රමා විජිතසේන ගුරු මාතාව වැනි අනුරගේ කාලයේ සිටි ගුරුභවතුන් නිතර සිහිපත් කරති.
අනුර සංගීතයෙන් උසස් පෙළ හැදෑරුවත් පාසලේ අවශ්‍යතා අනුව නර්තන අංග ස`දහාද සිය කුසලතාවය දානය කළේය. ඇතැම් නර්තන තර`ග වලදී කැපීපෙනෙන බෙරවාදකයෙකු ලෙස අනුර ලබාදුන් දායකත්වය නිසාවෙන් නර්තන තර`ග පවා ජයග්‍රහණය කර ඇති බව පෙරකී ගුරුභවතුන් පවසයි. අනුරගේ පියා සමග තොවිල් සෙත් ශාන්ති වලට ගොස් ඇසූ බෙරපද බාස් මාමාගේ බෙරයෙන් මතුකරගෙන තිබූ නිසා බෙර වැයීමද අනුරට මහාමෙරක් නොවීය. තමන් දන්නා බෙරපද එවකට නරතනය කළ සිසු සිසුන්ට පුරුදු පුහුණු කිරීමටද අනුර ලෝභ නොවීය. අනුරගෙන් බෙර පද අසා දැනකියාගත් ධනා, නන්දා, පද්මා ආදී බොහෝ දෙනෙකු මේවන විටත් ක්ෂේස්ත්රයේ නම ගිය තැන් ආක්‍රමණය කොට හමාරය.
කෙසේවෙතත් අනුර සංගීතය විෂය ධාරාවෙන් උසස් ලෙස විභාගය සමත්විය. එහෙත් අනුරට පාසලේ සියලූ සෞන්ධර්යාත්මක කටයුතු ස`දහා නිරන්තර ඇරයුම් ලැබිණ. පාසල අනුරට සො`දුරු තෝතැන්නක් විය. පාසල හැරයන්නට සිත නොදෙන්නට පවා විය. ඊට හේතු වූයේ සිය මහගෙදර වත්තේ අති විශාල ලෙස හැදී වැඩුන වල් දෙල් ගස පියාණන් විසින් පාසලට පරිත්‍යාග කොට විශාල ගොඩනැගිළි ප්‍රමාණයකට සෙවන දුන් අයිතිය නොවේ. එම පරිත්‍යාගය නිසා තම පියාට දෙල්ගෙදර මහත්තයා නම් විරුධාවලිය ලදත් තමන් පාසලට හා සංගීතය හා එක්වූ සෞන්දර්යට පන දෙවැනිකොට ඇලූම් කළ නිසාවෙනි.
තරුණවිය සපිරි අනුර ගමේද ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූවා පමණක් නොව නගරයේද ප්රාදේශයේද භක්තිගීත ඇතුලූකොටගත් සියලූ සංගීතමය අවශ්‍යතා ස`දහා අනුර නැතිවම බැරි චරිතයක් විය. ඔහුගේ නිහතමානීත්වය නිසාම අනුර මුදල පිළිබ`ද නොසිතා එ් සියලූ කටයුත්තක්ම නොපිරිහෙළා ඉටුකළේය.
එ් අවධියේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට ඇ`ගිළි ගනිමින් සිටියත් පියාගේ ඇවෑමෙන් සිය මව දරණ වගකීම් ප්‍රමාණය වැඩි නිිසා ඇයට අස්වැසිල්ලක් වීමට කුමක් හෝ තාවකාලික රැුකියාවක් කිරීමට අනුරගේ සිත කීය. එහෙත් මවගේ හා ප්‍රභූ ඥාතීන්ගේ ඊට බලවත් විරෝධයක් විය. කුලියාපිටිය මහ විදුහලේ හිටපු ප්‍රධාන ආචාර්ය වරයෙකු වූ දයානන්ද හේරත් මහතා එ් අතර අපූරු යෝජනාවක් අනුරට කළ අතර ඊට අනුරගේ නිවැසියන් මෙන්ම අනුරගේද තිබුණේ දැඩි කැමැත්තකි. එ් රජයේ සංගීත ගුරුපත්වීමක් වුවත් එ් හා බැ`දුනු කටුක ආවර්ජනයන් රැුසක් අනුර අයියා අප හා ප්‍රකාශ කර ඇතත් එ්වා ප්රසිද්ධවීමසම්බන්ධව හෙතෙම දැක්වූ දැඩි විරෝධය හේතුවෙන් මෙහිලා ප්‍රකාශකිරීමට අදහස් නොකරමි.
යෝජනා වූ සුහුඹුල් රැුකියාවට මහත්සේ ඇලූම් කළ අනුර සිය පළමු පත්වීම ලද නිකවැරටිය බලල්ල විද්‍යාලයට මින් පෙර එම ප්‍රදේශවල කරක් ගසා නොමැති වුවත් සතුටු සිතින් පුරුදු කාරයෙකු සේ පිටත් විය. අලූත් අත්දැකීම කෙතරම් අනුරගේ සිත අමන්දානන්දයට පත්කළාද කිවහොත් අනුරගේ වචනයෙන් පවසතොත් ගුරු වෘතිය යනු දේව කාරියකට එහා ගිය මහා පිංකමක් බව නිතර අනුරගේ මුවේ නිරන්තරයෙන් මන්ත්‍රයක් මෙන් කියවේ. එය පසක් වූයේ රැුකියාවට ගිය මුල් දිනයන්හිදීබව අප සමගනම් කොතෙකුත් කියා ඇත.
අද වනවිට බලල්ල විදුහල සීඝ්‍ර දියුණුවකට පත්ව තිබුණද අපේ කථා නායකයා එම විදුහලේ වැඩ භාරගත් අවධිය වනවිට ඉතා අවම පහසුකම් යටතේ පැවති විදුහලක්බව ස`දහන්කරන්නේ අපගේ කථාව යථාර්ථයක් වීමට විනා එම විදුහලට අපහාස කිරීමට නොවේ. මක්නිසාදයක් අනුර අයියා අදත් එම විදුහල් පිළිබ`දව දක්වන්නේ ඉමහත් ගෞරවයකි.
අනුරට කිසිදු හවුහරණක් නොමැති එම ප්‍රදේශයේ පිහිිටට තිබුණේ වහල සිදුරු වූ අබලන් ගුරු නිවසක් පමණි. කුඩා කළ පටන් අභියෝගයන්ට රුචිකත්වයක් දැක්වූ අනුර එම ගුරු නිවස ප්‍රතිසංස්කරණය කරගෙන තනාගත් එක් කාමරයක් නොතෙමී සිටීමට හැකිපරිදි සකසාගත්තේ එම විදුහලේදී මුණ ගැසුන තවත් සො`දුරු මිනිසුන් දෙදෙනෙකු සමගිනි. එහෙත් මුලවරට ගෙවූ එම දිවියේ කටෝර අත්දැකීම් නොතිබුනාම නොවේ.
අතමිට සරු පවුල්වලින් නොපැමිණි අනුරවැන්නවුන් එදා වේල දැඩි පරිශ්‍රමයෙන් සරිකොටගෙන තිබූ අතර ඉ`දහිට ගමේ පන්සල් වත්තේ පොල්ගෙඩි කිහිපය ගෙන දුන්නේ මහත් අස්වැසිල්ලකි. පන්සලේ නේවාසික හිමිනමක් වුන කන්දෙගෙදර සද්ධාසාර හිමමියො විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය නියෝජනය කිරිම එම කාර්යය තව තවත් පහසුකළේය. එ්කාලෙ හිටපු අංගිලිපොල විදුහල්පතිවරයා පවා දන්නා සො`දුරු අත්දැකීම්වල කොටස්කරුවෙක් බව කිවයුතුය.
කෙසේවෙතත් ගමන බිමනට ඇලූම්කළ අනුර ඉ`දහිට මිතුරන් සමග යන එන ගමනේදී තමන් සමග කුලියාපිටිය මහා විදුහලේ අකුරු කළ මිතුරු මිතුරියන් නිරන්තරයෙන් මුණ ගැසුන අවස්ථා අනුර අයියා අපසමගින් පවසන්නේ විනෝදයද එක්කරමිනි.
එ් අතර අනුර කුසුම්සිරි නම්වූ අසහාය සංගීතවේදියා ගිරාගම සංගීත විද්‍යාලයෙන් තම වෘත්තීය සුදුසුකම් සරිකරගැනීමට ගිය ගමනත් අපූරු සිද්ධි රැුසක දාමයක් බවට පත්වූ බව කිවමනාය.
එහිදී නවකයෙකු වූ අනුර අනෙකුත් නවකයින් අභිබවා පෙර පටන් ශිලප හදාරන්නවුන් පරයා ජනප්‍රියත්වයක් ලබාගන්නට අනුර සමත්වූවා පමණක් නොව අනුර ගුරු විද්‍යාලයෙන් හදාරන්නේ සංගීතයද නෙඑසේනම් නර්තනයද යන්නවත් බැලූ බැල්මට සොයාගත නොහැකි තරමට අනුර එ් විශයන් දෙකම හා බද්ධව කටයුතු කළේය.
ඇතැම් අවස්ථාවල බෙර වාදනයට කසිවෙකු හො නොමැති අවස්ථාවල අනුර එම අඩුව පිරෙව්වේ නිර්ලෝභීවය. කොස් දෙල් පොල් සම්බෝලය වැනි වැනි ගමේ ආහාරයට අනුර කුඩාකල පටන් ආශාව දැක්වුවත් එම පොල් සම්බෝලයට දැඩිසේ වෛරකරන්නට ගත්තේද එවක ගුරු විද්‍යාලයේ අක්ෂර ඥාණය නොමැතිව කටයුතකළ ආරක්ෂකයෙකුගේ පෙම් පලහිලව්වක ප්‍රථිපලයක් අනුවයි. එම රසවත් සිදුවීම මෙහිලා කීම නුවනට හුරු නොවේ.
තවත් වරෙක මිත්‍යා මතයන් බි`ද හෙළන්නට අද වගේම අනුර එදත් පෙරළිකාරව මුහුණ දුන් බව රසවත් සිදුවීමක් ඇසුරෙන් කිව යුතුය. දිනක් නම ස`දහන් කළ නොහැකි දැඩිසේ මිත්‍යා මත හිසින් දරා සිටින හිතවතෙකු ගේ යක්ෂ දේාෂයක් මග හැරවීමට අනුරට බොර පද අනුව මායම් වන්නට සිදවූවා පමණක් නොව ඔහු සතු රංගන කුසලතා දැඩිසේ ප්‍රදර්ශනය කළ අවසථාවක් බව නැටුම් විෂය හදාරන බොහෝ දෙනෙකු විශ්මයයට පත්ව පවසති.
අනුරට අනුරගේ යහලූවන් බොහෝදෙනෙකු ඇතිකරගත් පෙම් පලහිලව් අනුව වෙන් වෙන්ව කල් ගතකරන්නට වූවත් බොහෝදෙනෙකු අනුරට පෙම්වතියක් නැතිව ඇතැයි සිතන්නට ඇත්තේ අනුරගේ කෙළිලොල් බවේ ද`ගකාර බවේ අඩුවක් නොවූ නිසාවෙන් විය හැකිය. එමෙන්ම කාගේත් හිත රිිදවීමට අදටත් අකමැති අනුර චංඩිකමක් දැක්වූ එකම අවස්ථාව උදාකරගන්නේද ගුරු විද්‍යාලයේය. එ් අසාධාරණයක් බලාගෙන සිටීමට නොහැකිම අවස්ථාවක කිහිපදෙනෙකුට තර්ජනය කිරීමේදී නම රන්දාගන සිටි කිහිප දෙනෙකුගේ බල බි`දීමට හැකිවීමයි. එහෙත් අදටත් අනුර එය සිහියට නංවන්නේ අසතුටින් බවත් කීම වටී.
එහෙත් අනුර සමගින් එකට කුලියාපිටිය මහා විදුහලේ අකුරු කළ පද්මා කුමාරි සොහොයුරිය අනුරයියා... නමින් නිතර ආමන්ත්‍රණය කරමින් විහිලූවෙන් කල් ගත කර ඇතත් දුටුවන් දෙදෙනා අතර මිතුදමට එහා ගිය සබ`දතාවක් ඇතැයි නොසිතන්නට ඇත. ශාලාචාර පේ‍්‍රම සම්බන්ධය ඊට හේතුව බව වර්තමානයේ එ් පිළිබ`ද අදහස් දක්වන අනුරගේ සමකාලයින් ගෞරවයෙන් එ් පිළිබ`දව සිහිපත් කරයි.
පද්මා අනුර යුවල නිරන්තරයෙන් එක්ව නිවසට යාම නිමේශයක් ලද සැනින් ශී දළ`දා මාළිගාව වැ`දපුදාගැනීම වැනි කාර්යන් ස`දහා හැරුණුකොට අනවශ්‍ය ගමන් නොගිය බවත් එය අනාගත පරපුරටම ආදර්ශයක් බවත් එවකට විද්‍යාලයේ සමකාලීනයන් පවසති.
පසුව අනුරට පදිමාගේ නිවසට ආසන්න ප්‍රදේශයක පත්වීම ලැබීමත් දෛවොපගත සිද්ධියකි. තවත් සුවිශේෂි සිදුවීමක් වන්නේ අනුරගේ ඥාති සොහොයුරියක් පද්මා සේවය කළ හොළඹලෑව විදුහලේ මුලපුටුවේ සිටීමත් දෙදෙනා අතර සම්බන්ධය විවාහ යෝජනාවක් දක්වා දුරදිගයාමට හේතු විය.
කෙසේවෙතත් හතර වරිගයක ආශිර්වාද මධ්‍යයේ අනුර කුසුමිසිරි හා පද්මා කුමාරි යන දෙදෙන විවාපත් විය. හම්මලව ප්‍රදේශයේ අනුරගේ මහගෙදර පදිංචි වන දෙපල එතැන් පටන් කුලියාපිටිය කලාපයේ විවිධ වූ පාසල් වල සංගීතය හා නර්තනය විශය වඩා වර්ධනය කිරීමෙහිලා මහ`ගු දායකත්වයක් සැපයූ බවනම් කිවයුතුය.
1990 ජනවාරි මස 25 දිනය අනුරටත් පද්මාටත් පමණක් නොව ප්‍රදේශයටම සතුටුවන්නට හැකියාව ඇති දිනක් උදාවිය. මහත්වූ දස්කම් රැුසකින් පිරිපුන් අනුරගේ කුලූ`දුල් තවත් නිර්මාණයක් එදින බිහිවීම හේතුවයි. බුද්ධි සමීර බන්නැහැක නම් වූ දස්කම් මෙතැකැයි කිව නොහැකි පුත්රුවණ මෙලොව දායාද කිරීම තරම් වෙනත් කිසිදු සේවාවක් අවශ්‍ය නැත. එමෙන්ම එම කලා පවුලේ බඩ පිස්සාද දක්ෂ බෙර වාදකයෙක් මෙන්ම නර්තන ශිලපියෙකු වශයෙන් කටයුතු කරයි.
කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ මෙන්ම කිරින්දව, මධ්‍ය විද්‍යාලය කනදුල්ල ආදී විදුහල් රැුසක ඇතැම් පාසැල් ගීත ඇතුලූව විවිධවූ සංගීත නිර්මාණ බිහි කිරීමෙහිලා පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කළ අනුරගේ නිර්මාණ අදටත් විවිධ විද්‍යාලවල භාවිතා කිරීම සතුටකි.
අවසන් වරට සේවය කළ ජයසේන රාජකරුණා මහා විදුහල නමින් ප්‍රචලිත දහනැක්ගෙදර විද්‍යාලයේද විවිධ නිර්මාණ රැුසක් බිහිකළ අනුර පෙර කී විද්‍යාලවල මෙන් තර`ග ජයග්‍රහණ රැුසක් සංගීතයෙන් මෙන්ම නර්තනයෙන් ලබාගන්නට කටයුතු කිරීම ප්‍රශංසනීයයි.
අනුර කුසුම්සිරි නම් වූ අපගේ කථා නායකයා ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන් රැුසකට සිය සංගීතමය දායකත්වය සපයා ඇති අතර මේ වන විට නිර්මාණ දහස් සංඛ්‍යාවක සාඩම්බර හිමිකරුවෙකි. ඇතැම් නිර්මාණ ඔහුගේ මතකයෙන් පවා ගිලිහීගොස් තිබීම අවාසනාවකි.
අනුර කුසුම්සිරි තරම් මෝඩයෙකුද නොමැතිතරම් බව අනුරගේ අදහස බව වරෙක කියා ඇත. ඇත්තෙන්ම තමන් උගත් දෙය නොමිළයේ දායාද කිරීමත්, අතින් කා හරක් බලන අයුරේ වැඩ මේ වන විටත් අනුර කරතත් අනුරට අනුව එය මහත්වූ පිංකමක් බවත් හැෙ`ගන අවස්ථා වැඩි නිසා තමන් කරන්නේ අනුවනකමක් බව නොහැගෙන බව නිතර කියයි.
අනුරගේ නිවස සො`දුරු සෞන්දර්ය නිඛේතකයන් බ`දුය. ඕනෑම වේලාවක ආගන්තුක සද්කාර්යයට අතවනන එම නිවසේ ප්‍රදේශයේ ප්‍රමුඛතම ශබ්ධාගාරය පිහිටා ඇත. එහි නිරමාණ සංගීතයට පියපුතු නිරන්තරයෙන් සහභාගී වීම නිසා විශ්‍රාම සුව පාසලින් ලැබුවත් විවේකයක්නම් දකින්නට නොමැත.
බලන බලන අවස්ථාවන්හි වරෙක තම උරේ වයලීනයකි, තවත් වරෙක සර්පිනාවකි. නොඑසේනම් බෙරයකි. ඇසෙන්නේ නව නිරමාණ බිහිකිරීමය. පුරවැසියෙකුට විවේකය අවැසි වුවත් අනුර කුසුම්සිරි මහා ඝාන්ධර්වයාගේ ස්වර සිත්තම් තවත් චිරාත්කාලයක් බිහිවන්නට අවශ්‍ය ශක්තිය ධෛරය ප්‍රාර්ථනා කිරීම ඔහුගේ නිර්මාණ රසවි`දි අප කාගේත් යුතුකමක් සේම වගකීමක්ද වන්නේ අනුර දැයට දායාදකළ සො`දුරු වත්කමට සමාන යමක් පෙරලා ඔහුට තෑගි කිරීමට අප සතු නොවන නිසාවෙනි.
මාද්යවේදී සංගීත විශාරද
දිනේෂ් උපේන්ද්‍ර සේරසිංහ
Home
BIO
Production
මගෙන් ඔබට
Contact
Gallery