Home
BIO
Production
මගෙන් ඔබට
Contact
Gallery
ආයුබෝවන්
කුලියාපිටිය හම්මලව ඉපදී හම්මලව කනිටු විදුහලෙන් මුලික දැනුම ලබා කුලියාපිටිය මහා විදුහලෙන් උසස්පෙල සමත් මා ගිරාගම ගුරු විදුහලට යන්නේ මාහට කළහැකි සහජයෙන් ලද හැකියාවෙන් යමක් කිරීමේ අටියෙනි. එහිදී මුණගැසුන සොඳුරු මිනිසුන් නිසාවෙන් ඉතා කෙටිකලකදී කාගේත් සිත් දිනාගැනීමට සමත් ගුරුවරයෙකු ලෙස පාසල් අධ්‍යාපනයට පිවිසෙන්නට වරම් ලදිමි.
නිකවැරටිය බලල්ලෙන් ඇරඹි මාගේ ගුරු දිවිය කොබෙයිගනේ, කනදුල්ල, කිරින්දව, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, අස්සද්දුම සුභාරතිය ආදී පාසල් වල සේවයකොට දහනේගෙදර ජයසේන රාජකරුණා විදුහලෙන් අවසන්කරනවිට මගෙන් වූ සේවාව පිළිබඳව ඉතා සිතින් සතුටුවීමට හැකි වුවත් මාවිසින් සංගීතය වෙනුවෙන් කලයුතු සේවාව මිය යනතෙක්ම ඉටුකිරීමට අපේක්ශාකරමි.
සුභාවිත සංගීතයට සමාජයේ වෙනස්කම් කල හැක
Home
BIO
Production
මගෙන් ඔබට
Contact
Gallery